Tuesday, April 4, 2017

පොලිස් ක්‍රීඩා උළෙලේ දී පොලිස්පති කෝළම ගොනාට ඇඳලා..! පොලිසියේ විනය රැක ගන්නේ කෙසේද? වැදගත් නිලධාරීහු කම්පාවෙන්



(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.04, පෙ.ව‍‍‍.6.25) තෙදිනක් පුරා බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියේ පැවැති 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ පසුගිය 2 වෙනිදා රාත්‍රී පැවැති සංගීත සංදර්ශනයේදී පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බීමත්ව සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරුන් කොස්තාපල්වරියන් බදා ගනිමින් ඔවුන්ට නොමනා උසුලු විසුලු කරමින් නැටූ ජවුසම පිලිබඳ ඉහළ පොලිස් නිලධාරීන්ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.
පොලිස්පතිවරයෙකු මෙලෙස විනයක් නොමැති පිස්සු කෝළමෙක් සේ පහළ පොලිස් නිලධාරීන් හමුවේ බීමත්ව නට නටා හැසිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවේම විනය රැක ගැනීමට නොහැකිව පිස්සන් කොටුවක් බවට පත් වනු ඇතැයි වගකිව යුතු නිලධාරීහු චෝදනා කරති.
පූජිත ජයසුන්දර මෙලෙස පිස්සෙක් සේ හැසිරී ඇත්තේ සංගීත රාත්‍රියේ පමණක් නොව ඊට පෙර දිනවලදී ද තරඟ ඉසව් සඳහා ටී ෂර්ට් එකකින් සැරසී පැමිණ තරුණ පිරිමි සහ කාන්තා නිලධාරිනියන්ගේ පස්සා පැත්තවල් මිරිකමින් නොමනා අන්දමින් හැසිරී ඇත. කාන්තා මැරතන් තරඟයේදී තරඟාවසාන කරන තරුණ නිලධාරිනියන් වැටෙන්නට යද්දී බදාගනිමින් අනවශ්‍ය ලෙස තුරුළු කර ගනිමින් පූජිත පොලිස්පතිවරයෙකුට නොගැලපෙන අශීලාචාර අන්දමින් හැසිරී තිබේ. 
මෙම ක්‍රීඩා උළෙල මීට පෙර 79 වාරයක් පවත්වා ඇතත් මෙතෙක් ලංකා ඉතිහාසයේ සිටි කිසිදු පොලිස්පතිවරයෙකු මෙලෙස හැසිරී නැතැයි වැදගත් නිලධාරීහු කම්පනයෙන් යුතුව පවසති.
ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ පත්තු කරන ලද මල්වෙඩි සංදර්ශනයද විශාල ගැටළුවක් වී තිබේ. ජනාධිපතිවරයාගේ නිවස්නයද ඒ ආසන්නයේම පිහිටා තිබෙන අතර ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන පීඑස්ඩීය හෝ මල්වෙඩි සංදර්ශනයක් ගැන දැනුවත්ව සිට නැත. එබැවින් හදිසියේම මල් වෙඩි පත්තු කරද්දී ආරක්ෂකයෝ තැති ගැන්මකට ලක්ව ඇති අතර ජනාධිපතිවරයාගේ හදිසි ආරක්ෂාව තර කර තිබේ. මෙතෙක් කිසිදා පොලිස් ක්‍රීඩා උළෙලකට මල් වෙඩි සංදර්ශන පවත්වා නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද පැමිණිලි කර තිබේ. පොලිසියට මල් වෙඩි සඳහා වියදම් කිරීමට හැකියාවක් නොමැති අතර මෙම මල්වෙඩි වල අනුග්‍රාහකයා පූජිත සමග සම්බන්ධතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්දැයි සොයමින් සිටී

Wednesday, January 25, 2017

සෙබළියන් යනු මුලු මහත් රටක් ගරු කරන්නා වූ කොටසක් ලෙස අපි සැවොම පිළිගනිමු. ඉතා ගරු නම්බු ඇතිව ජීවත් වන්නා වූ සෙබළියන් බොහොමයක් යුධ හමුදාවේ සිටින නමුත් පහත සඳහන් වන්නේ හමුදාවටත් රටටත් පිළිලයක් වන් කාන්තා සෙබළ නිළධාරිණියන් කිහිප දෙනෙකුගේ වැඩ කටයුතුය. 3 වන කාන්තා බළකා අණදෙන නිළධාරිනිය මෙහෙකාර වැඩට අහිංසක කාන්තා සෙබළියන් යොදවා ගනී. කාන්තා බළකායේ මුල් පුටු හොබවන්නා වු නිළධාරිණියන් සිතා සිටින්නේ ඔවුනට පහළ සිටින්නා වූ නිළයන් යනු ඔවුනගේ වහලුන් යනුවෙනි. එ් අයුරින් කටයුතු කරන මේජර් ලසන්ති සිල්වා මාස 8 ක කාලයක් තිස්සේ ඇයගේ නිවසේ මෙහෙකාරකම සඳහා කාන්තා සෙබළියන් දෙදෙනෙකු යොදා ගෙන සිටින්නීය. යුධ හමුදා සෙබළියන් මෙහෙකාර සේවයේ යෙදවීමට අවසර දී තිබෙනවාද යන්න යුධ හමුදාපතිගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වුවද ඔහු විටෙක කාන්තා සෙබළියකටත් අන්ත ලෙස හැසිරෙන නිසා එවැනි ප්‍රශ්නයක් ඇසීමෙන්ද පළක් නැත. ඉහත කී සෙබළියන් දෙදෙනා මේජර් ලසන්තිගේ ගාල්ලේ පිහිටි නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 2017 ජනවාරි 20 දින යුධ හමුදා පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී. නමුත් ලසන්තිට දඬුවමක් නැත. මෙහි ඇති අවලස්සනම සිද්ධිය නම් මේ සියල්ල වසන් කිරීමට මනමාල කර්නල් වරයෙක්ද මෙම කාන්තා බළකාය තුල රඳවාගෙන සිටීමයි. කාන්තා බලකායක පිරිමි කර්නල් කෙනෙකු සිටීමත් ලෝක වාර්තාවක් වනු ඇත. මෙකී මනමාල කර්නල් නමින් ප්‍රේමලාල් වන අතර ඔහු රාජකාරී ඉටු කරනු ලබන්නේ ඇයගේ මනමාළිය වන මේජර් චතුරිකා බෝඹුවල නමැත්තිය වෙනුවෙන් නිසා වැරදි නිවැරදි කිරීම ඉතා උගහටය. සමලිංගික සබඳතාවයකට හසුවුවද අද කාන්තා බළකා මුලස්ථානය තුල ඉතා ඉහළ තනතුරක් තවත් නිළධාරිනියක විසින් හොබවනු ලබන්නීය. ඇය නමින් මේජර් රනුරා පුලසිංහ වන අතර ඇය විසින් සිදුකරන ලද බරපතල වරද වසන් කරන ලද්දේ බ්‍රිගේඩියර් මුනසිංහ නම් තැනැත්තියයි. ඇය කාන්තා බළකායේ මුල් පුටුව දරන තැනැත්තිය වන අතර ඇය විසින් ප්‍රේමලාල් කියනා සියලු දේට කිසිවක් සොයා නොබලා එහෙයි කියන්නීය. මේ පිරිස විසින් කනිෂ්ඨ නිළධාරිණියක් හෝ සෙසු නිළ සෙබළියක් සුලු ප්‍රමාද දෝෂයක් හෝ සිදු කළහොත් මුලු යුධ හමුදාව පුරාම ඉන්න හිටින්නට තැන් අහිමි කරවන අතර ලොකු පුටු හොබවන මොවුන්ගේ සියලු වැරදි වසාගනී. යුධ හමුදා කාන්තා බළකායේ මුල් පුටු හොබවන්නා වු සියලු නිළධාරිණියන් මහ කකුළුවා ඇදයට ගොස් පැටවුන්ට කෙළින් යන්න කියනවා යන කියමන ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී. යුද්ධ හමුදා කාන්තා බළකායේ සිදුවන්නා වූ අක්‍රමිකතා බහුලව තිබුණද ඒවා විසඳා ගැනීමට කොන්ද පණ ඇති කිසිවකුත් අද එහි නැත. තමන්ගේ දුක පමණක් දුක යැයි සිතනා පිරිසක් සිටින අතර අනෙකුත් අයගේ ප්‍රශ්න වලට හෙණ ගැහුවත් කමක් නැතැයි සිතා කටයුතු කරන පිරිසක් පමණක් අද කාන්තා බළකායේ ඉතිරිව සිටිති. ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ජනාධිපති වුවද මේවා ඔහුට කියා පලක් වී නැත. හමුදාවේ ලොක්කන්ට කීවාටද පලක් වී නැත. එබැවින් නිතර හමුදාවේ පීඩාවට පත් අප වැනි අය ගැන සොයා බලන ලංකා ඊ නිව්ස් කර්තෘ තුමා වෙත මේ ගැන කීමට අදහස් කෙළේ හුදෙක් කාන්තා බළකාය තුල මෙම ඉහළ පුටු වල නිළධාරිණියන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා ඉතා අධික කාන්තා සෙබළියන් පිරිසක් දුක් විඳින නිසාවෙනි. දුකට පත් සෙබළියෝ.


(ලංකා ඊ නිව්ස් -2017.ජන.26, පෙ.ව‍.7.05) සෙබළියන් යනු මුලු මහත් රටක් ගරු කරන්නා වූ කොටසක් ලෙස අපි සැවොම  පිළිගනිමු. ඉතා ගරු නම්බු ඇතිව ජීවත් වන්නා වූ සෙබළියන් බොහොමයක් යුධ හමුදාවේ සිටින නමුත් පහත සඳහන් වන්නේ හමුදාවටත් රටටත් පිළිලයක් වන් කාන්තා සෙබළ නිළධාරිණියන් කිහිප දෙනෙකුගේ වැඩ කටයුතුය.
3 වන කාන්තා බළකා අණදෙන නිළධාරිනිය මෙහෙකාර වැඩට අහිංසක කාන්තා සෙබළියන් යොදවා ගනී. 
කාන්තා බළකායේ මුල් පුටු හොබවන්නා වු නිළධාරිණියන් සිතා සිටින්නේ ඔවුනට පහළ සිටින්නා වූ නිළයන් යනු ඔවුනගේ වහලුන් යනුවෙනි. එ් අයුරින් කටයුතු කරන මේජර් ලසන්ති සිල්වා මාස 8 ක කාලයක් තිස්සේ ඇයගේ නිවසේ මෙහෙකාරකම සඳහා කාන්තා සෙබළියන් දෙදෙනෙකු යොදා ගෙන සිටින්නීය. 
යුධ හමුදා සෙබළියන් මෙහෙකාර සේවයේ යෙදවීමට අවසර දී තිබෙනවාද යන්න යුධ හමුදාපතිගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වුවද ඔහු විටෙක කාන්තා සෙබළියකටත් අන්ත ලෙස හැසිරෙන නිසා එවැනි ප්‍රශ්නයක් ඇසීමෙන්ද පළක් නැත.  ඉහත කී සෙබළියන් දෙදෙනා මේජර් ලසන්තිගේ ගාල්ලේ පිහිටි නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 2017 ජනවාරි 20 දින යුධ හමුදා පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී. නමුත් ලසන්තිට දඬුවමක් නැත.
මෙහි ඇති අවලස්සනම සිද්ධිය නම් මේ සියල්ල වසන් කිරීමට මනමාල කර්නල් වරයෙක්ද මෙම කාන්තා බළකාය තුල රඳවාගෙන සිටීමයි. කාන්තා බලකායක පිරිමි කර්නල් කෙනෙකු සිටීමත් ලෝක වාර්තාවක් වනු ඇත. මෙකී මනමාල කර්නල් නමින් ප්‍රේමලාල් වන අතර ඔහු රාජකාරී ඉටු කරනු ලබන්නේ ඇයගේ මනමාළිය වන මේජර් චතුරිකා බෝඹුවල නමැත්තිය වෙනුවෙන් නිසා වැරදි නිවැරදි කිරීම ඉතා උගහටය.  
සමලිංගික සබඳතාවයකට හසුවුවද අද කාන්තා බළකා මුලස්ථානය තුල ඉතා ඉහළ තනතුරක් තවත් නිළධාරිනියක විසින් හොබවනු ලබන්නීය. ඇය නමින් මේජර් රනුරා පුලසිංහ වන අතර ඇය විසින් සිදුකරන ලද බරපතල වරද වසන් කරන ලද්දේ බ්‍රිගේඩියර් මුනසිංහ නම් තැනැත්තියයි. ඇය කාන්තා බළකායේ මුල් පුටුව දරන තැනැත්තිය වන අතර ඇය විසින් ප්‍රේමලාල් කියනා සියලු දේට කිසිවක් සොයා නොබලා එහෙයි කියන්නීය.
මේ පිරිස විසින් කනිෂ්ඨ නිළධාරිණියක් හෝ සෙසු නිළ සෙබළියක් සුලු ප්‍රමාද දෝෂයක් හෝ සිදු කළහොත් මුලු යුධ හමුදාව පුරාම ඉන්න හිටින්නට තැන් අහිමි කරවන අතර ලොකු පුටු හොබවන මොවුන්ගේ සියලු වැරදි වසාගනී. යුධ හමුදා කාන්තා බළකායේ මුල් පුටු හොබවන්නා වු සියලු නිළධාරිණියන් මහ කකුළුවා ඇදයට ගොස් පැටවුන්ට කෙළින් යන්න කියනවා යන කියමන ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී.
යුද්ධ හමුදා කාන්තා බළකායේ සිදුවන්නා වූ අක්‍රමිකතා බහුලව තිබුණද ඒවා විසඳා ගැනීමට කොන්ද පණ ඇති කිසිවකුත් අද එහි නැත. තමන්ගේ දුක පමණක් දුක යැයි සිතනා පිරිසක් සිටින අතර අනෙකුත් අයගේ ප්‍රශ්න වලට හෙණ ගැහුවත් කමක් නැතැයි සිතා කටයුතු කරන පිරිසක් පමණක් අද කාන්තා බළකායේ ඉතිරිව සිටිති.
ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ජනාධිපති වුවද මේවා ඔහුට කියා පලක් වී නැත. හමුදාවේ ලොක්කන්ට කීවාටද පලක් වී නැත. එබැවින් නිතර හමුදාවේ පීඩාවට පත් අප වැනි අය ගැන සොයා බලන ලංකා ඊ නිව්ස් කර්තෘ තුමා වෙත මේ ගැන කීමට අදහස් කෙළේ හුදෙක් කාන්තා බළකාය තුල මෙම ඉහළ පුටු වල නිළධාරිණියන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා ඉතා අධික කාන්තා සෙබළියන් පිරිසක් දුක් විඳින නිසාවෙනි.

දුකට පත් සෙබළියෝ..

Wmqgd .ekSu B ksjqia fjns wvjsh

එල්.ටී.ටී.ඊ. ආචාර යටතේ අවමංගල්‍යයක්


ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්විජියානු පුරවැසියන් එරටදී එල්.ටී.ටී.ඊ. ධජය සහිතව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබෙනවා.
හමුදා සම්ප‍්‍රදායන්ට අනුව මෙම අවමංගල්‍ය උත්සවය පවත්වා ඇති බවට වාර්තා වේ.
මියගොස් සිටියේ ද ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වීජියානු පුරවැසියෙක්.
දේහය තැන්පත් කර තීබූ පෙට්ටිය එල්.ටී.ටී.ඊ. ධජයකින් ආවරණය කර තිබුණා. මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වීජියානු පුරවැසියන් සියලුදෙනා එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත සුදු කමිසවලින් සැරසී සිටීම ද විශේෂත්වයක්.

Thursday, July 21, 2016

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්මතකරගත් ඇමරිකානු ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව අනුව පිහිටුවීමට නියමිත අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම තුලින් සන්නද්ද හමුදා පාවා දීමට යනබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම
රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයයේ වුවත් ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට, පිහිටුවීමට එකග වූ ආයතනවලින් එකකි. යෝජිත අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතේ අපේ ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්ම තිබෙන අතර ඉන් කිහිපයක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.
  1. මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීති වලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
  2. මෙය කාර්යාලයක් ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිළධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල් වීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක.
  3. පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ෂන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබදව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.
  4. පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ඍජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.
  5. ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.
  6. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.
  7. මෙම කාර්යාලයට, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිළි භාරගත හැක
  8. ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ
  9. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12(ඇ)(iii) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් සාක්ෂි ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ
  10. මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිළධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුලුව මොනම උසාවියකටවත් බලයක් නැත.
මෙම කරුණු අනුව අපට පෙනී යන්නේ මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකග වී තිබෙන යුධ අපරාධ විමර්ෂණ යාන්ත්‍රණයේ එක් කොටසක් බවයි. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇත.
මහින්ද රාජපක්‍ෂහිටපු ජනාධිපති