(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.04, පෙ.ව.6.25) තෙදිනක් පුරා බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියේ පැවැති 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ පසුගිය 2 වෙනිදා රාත්‍රී පැවැති සංගීත සංදර්ශනයේදී පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බීමත්ව සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරුන් කොස්තාපල්වරියන් බදා ගනිමින් ඔවුන්ට නොමනා උසුලු විසුලු කරමින් නැටූ ජවුසම පිලිබඳ ඉහළ පොලිස් නිලධාරීන්ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.
පොලිස්පතිවරයෙකු මෙලෙස විනයක් නොමැති පිස්සු කෝළමෙක් සේ පහළ පොලිස් නිලධාරීන් හමුවේ බීමත්ව නට නටා හැසිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවේම විනය රැක ගැනීමට නොහැකිව පිස්සන් කොටුවක් බවට පත් වනු ඇතැයි වගකිව යුතු නිලධාරීහු චෝදනා කරති.
පූජිත ජයසුන්දර මෙලෙස පිස්සෙක් සේ හැසිරී ඇත්තේ සංගීත රාත්‍රියේ පමණක් නොව ඊට පෙර දිනවලදී ද තරඟ ඉසව් සඳහා ටී ෂර්ට් එකකින් සැරසී පැමිණ තරුණ පිරිමි සහ කාන්තා නිලධාරිනියන්ගේ පස්සා පැත්තවල් මිරිකමින් නොමනා අන්දමින් හැසිරී ඇත. කාන්තා මැරතන් තරඟයේදී තරඟාවසාන කරන තරුණ නිලධාරිනියන් වැටෙන්නට යද්දී බදාගනිමින් අනවශ්‍ය ලෙස තුරුළු කර ගනිමින් පූජිත පොලිස්පතිවරයෙකුට නොගැලපෙන අශීලාචාර අන්දමින් හැසිරී තිබේ.
මෙම ක්‍රීඩා උළෙල මීට පෙර 79 වාරයක් පවත්වා ඇතත් මෙතෙක් ලංකා ඉතිහාසයේ සිටි කිසිදු පොලිස්පතිවරයෙකු මෙලෙස හැසිරී නැතැයි වැදගත් නිලධාරීහු කම්පනයෙන් යුතුව පවසති.
ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ පත්තු කරන ලද මල්වෙඩි සංදර්ශනයද විශාල ගැටළුවක් වී තිබේ. ජනාධිපතිවරයාගේ නිවස්නයද ඒ ආසන්නයේම පිහිටා තිබෙන අතර ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන පීඑස්ඩීය හෝ මල්වෙඩි සංදර්ශනයක් ගැන දැනුවත්ව සිට නැත. එබැවින් හදිසියේම මල් වෙඩි පත්තු කරද්දී ආරක්ෂකයෝ තැති ගැන්මකට ලක්ව ඇති අතර ජනාධිපතිවරයාගේ හදිසි ආරක්ෂාව තර කර තිබේ. මෙතෙක් කිසිදා පොලිස් ක්‍රීඩා උළෙලකට මල් වෙඩි සංදර්ශන පවත්වා නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද පැමිණිලි කර තිබේ. පොලිසියට මල් වෙඩි සඳහා වියදම් කිරීමට හැකියාවක් නොමැති අතර මෙම මල්වෙඩි වල අනුග්‍රාහකයා පූජිත සමග සම්බන්ධතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්දැයි සොයමින් සිටී
No comments:
Post a Comment